Update: හෙලිකොප්ටර් අනතුරෙන් මියගිය අය අතර ඔලිම්පික් පදක්කම්ලාභීන් දෙදෙනෙක්

Tuesday, 10 March 2015 - 12:21

Update%3A+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
ආජන්ටිනාවේ හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටී අද සිදුවූ අනතුරෙන් ප්‍රංශ ජාතික ඔලිම්පික් පදක්කම්ලාභීන් දෙදෙනෙකු ද මියගොස් ඇති බව අනාවරණ වුණා. ඒ අනුව ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී පිහිනුම් ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් කැමිල් මුෆැට් සහ බීජිං ඔලිම්පික් උළෙලේදී බර ඉසිලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත් ඇලෙක්සිස් වැස්ටින් ඇතුලූ දසදෙනෙකු මෙහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රූපවාහිනී වැඩසටහනක පටිගත කිරීමක් අතරතුර  මෙම හෙලිකොප්ටර් දෙක එකිනෙක ගැටී ඇත්තේ අඩි 328ක් ඉහළ අහසේදියි.

Update: Tuesday, 10 March 2015 - 07:48 PM
..........................................
හෙලිකොප්ටර් දෙකක් ගැටී 10ක් මරුට

ආජන්ටිනාවේ හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ අනතුරෙන් ප්‍රංශ ජාතිකයන් දෙදෙනෙකු සහ ආජන්ටිනා ජාතිකයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි. හෙලිකොප්ටර් දෙක එකිනෙක ගැටී ඇත්තේ අඩි 328ක් ඉහළ අහසේදියි.