Update: කොළඹ සරසවි ඇදුරන් උපකුලපති කාර්යාලයේ පදිංචිය අත්හරී

Tuesday, 10 March 2015 - 13:09

Update%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B6%87%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%BB%E0%B7%93
කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය ඩබ්ලිව්. කුමාර හිරිඹුරේගමට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් ආරම්භ කර තිබූ විරෝධතාව අද දහවල් තාවකාලිකව අත්හිටුවනු ලැබුවා. ඒ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. එහිදී මෙම ගැටලූව සඳහා සෘජුවම මැදිහත් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා ප්‍රකාශ කර තිබෙනවා.   

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපති කාර්යාලය ඇතුළත  සහ ලේඛකාධිකාරී කාර්යාලය ඉදිරිපිට රැදී සිටිමින් ඊයේ දහවල් සිට මෙම විරෝධතාව ආරම්භ කළා. ඊයේ රාත්‍රියේද ආචාර්යවරුන් එම ස්ථානයේ රැඳී සිටි අතර උපකුලපති කුමාර හිරිඹුරේගම ඊයේ මෙන්ම අද උදෑසනද ඔහුගේ කාර්යාලයට පැමිණ තිබුණේ නැහැ. උපකුලපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වනතුරු  තමන් ඉන් ඉවත් නොවන බව ආචාර්යවරුන් ප්‍රකාශ කළා. ඔවුන් කියා සිටියේ සුදුසුකම් සහිත ආචාර්යවරුන් රැසක් සිටියදී දේශපාලන හේතූන් මත කුමාර හිරිඹුරේගමට උපකුලපති තනතුර ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී එහි සභාපතිවරයා සහ කොළඹ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නිලධාරී මණ්ඩලය අතර අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වුණා. අනතුරුව තාවකාලිකව උපකුලපති කාර්යාලය පිහිටි සනාතන මන්දිර පරිශ්‍රයෙන් ඉවත්වී විරෝධතාව අත්හැරීමට තීරණය කළ බවයි එම සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය දේවක වීරකෝන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.



Update: Tuesday, 10 March 2015 - 07:09 PM
.........................................................................
කොළඹ සරසවි ඇඳුරන් තවමත් උපකුලපති කාර්යාලයේ

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය ඩබ්ලිව්. කුමාර හිරිඹුරේගමට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින් ආරම්භ කර ඇති විරෝධතාව දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

උපකුලපති කාර්යාලය ඇතුළත  සහ ලේඛකාධිකාරී කාර්යාලය ඉදිරිපිට රැඳී සිටිමින් ඊයේ දහවල් සිට මෙම විරෝධතාව ආරම්භ කළ බවයි එම සමිති සම්මේලනය සදහන් කළේ. මේ වන විට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් වැඩි පිරිසක් උපකුලපති කාර්යාලයේ ඊයේ රාත්‍රියේ සිට රැඳී සිටිමින් විරෝධතාවයේ නියැලූණු බවයි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. එම ස්ථානයෙන් පිටතට නොගොස් එහි රැඳී සිටිමින් ආචාර්යවරුන් ආහාර පාන පවා එහි සිට ලබා ගෙන ඇති බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සදහන් කළේ.

කෙසේ වෙතත්, තවමත් උපකුලපති කුමාර හිරිඹුරේගම ඔහුගේ කාර්යාලයට නොපැමිණි බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය දේවක වීරකෝන් කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

උපකුලපතිවරයා විසින් සිය ඉල්ලා අස්වීම ලබාදෙන තුරු ආචාර්යවරුන් උපකුලපති කාර්යාලයෙන් ඉවත්ව නොයෑමට ද තීරණය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.




තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More