ජෙයකුමාරි ඇතුළු 8කට ඇප

Tuesday, 10 March 2015 - 13:35

%E0%B6%A2%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රතිසංවිධාන කිරීමට උදව් කිරීමේ චෝදනාව යටතේ ත්‍රස්ත විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන සිටි බාලෙන්ද්‍රන් ජෙයකුමාරි ඇතුළු 8 දෙනෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (10) ඇප මත මුදා හැරියා. අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල නියෝග කළේ සැකකරුවන් රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙසටයි. එමෙන්ම සෑම මසකම අවසන් ඉරු දින පෙරවරු 9ත්, 12ත් අතර පොලීසිය හමුවේ පෙනී සිටිය යුතු බවට ද සැකකරුවන්ට නියෝග කළ විනිසුරුවරිය තවදුරටත් මොවුන්ට විදෙස් ගමන් වළක්වාලමින් තහනම් නියෝගයක් ද පනවනු ලැබුවා.

එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වූ ගෝපි නැමැත්තාට මෙරට රැදී සිටීමට නවාතැන් පහසුකම් ලබාදීමේ චෝදනාව මත බාලෙන්ද්‍රන් ජෙයකුමාරි සහ ඇයගේ දියණිය වන විභූෂිකා බාලෙන්ද්‍රන් පසුගිය වසරේ මාර්තු මාසයේ කිලිනොච්චියේදී අත්අඩංගුවට ගත්තා. මේ වන විට සැකකාරියගේ දියණිය ළමා නිවාසයක රදවා සිටිනවා.

පසුගිය වසරේ ජගත් සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ හිටපු මහකොමසාරිස් නවිපිල්ලේගේ මෙරට සංචාරය අතරතුර අතුරුදන් වූ තම පුත්‍රයා සොයාදෙන ලෙස ඉල්ලමින් ජයකුමාරි යාපනයේදී විරෝධතාවයක ද නිරත වුණා.



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More