ජනපති, අගමැති දුරකථන සාකච්ඡාවෙන් පසු බැඳුම්කර ගැන සෙවීමට කමිටුවක්

Tuesday, 10 March 2015 - 19:29

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පසුගිය මාසයේදී සිදුකෙරුණු 30 අවුරුදු භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී සිදුවූවායැයි කියන අක්‍රමිකතා සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දුරකථනයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම කමිටුව පත් කෙරුණු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ. ගාමිණී පිටිපන, කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර ඇති අතර එහි සෙසු සාමාජිකයින් වන්නේ මහේෂ් කළුගම්පිටිය සහ චන්දිමාල් මෙන්ඩිස්. අදාළ බැදුම්කර නිකුතුව පිළිබඳව විමර්ශනය කර කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කිරීම ඔවුන්ට පැවරී ඇති වගකීමයි.

මතභේදයට තුඩුදී ඇති මෙම භාණ්ඩාගාර බැදුම්කර රුපියල් බිලියනයක ණය මුදලක් ලබාගැනීම සඳහා නිකුත් කෙරුණේ පසුගිය මස 27 වැනිදායි. සියයට 9 යි දශම 3යි පහේ සිට 9 යි දශම 7 යි 5 දක්වා වන පොලියක් සමග ආපසු ගෙවන කොන්දේසියක් මත එම ණය මුදල ලබාගන්නා බවයි මහ බැංකුව මුලින් ප්‍රකාශ කර තිබුණේ. එහෙත් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණනුවන්ට සම්බන්ධ සමාගමක් විසින් ඉහළ පොලී අනුපාතිකයක් ඉදිරිපත් කර තිබූ නිසා, මහ බැංකුව අදාළ ණය ප්‍රමාණය රුපියල් බිලියන 10 දක්වා වැඩි කළ බවටයි ජනතා විමුක්ති පෙරමුණ ඇතුලූ පාර්ශව කිහිපයක් චෝදනා කළේ.

අදත් කොළඹ  පැවති මාධ්‍ය හමු කිහිපයකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා. මේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මේ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි. කමිටු පත් නොකර අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට භාරදිය යුතු බව  ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පියසිරි විජේනායක ප්‍රකාශ කළා. කෙසේ වෙතත්  ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ මේ පිළිබඳව නිසි පියවර ගැනීමට මදක් ඉවසිය යුතු බවයි. යහපාලනය යටතේ මේ පිළිබඳ පරීක්ෂණ සිදුකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක සඳහන් කරද්දී මුදල් අමාත්‍ය රවී කරුණානායක  ප්‍රකාශ කළේ මෙහි කිසිදු වරදක් සිදුව නොමැති බවයි.