කසිප්පු, ගංජා, රා ළඟ තබා ගෙන තුන්වරක් අසුවුවහොත් කෙළින්ම සිර දඬුවම්

Wednesday, 11 March 2015 - 7:33

%E0%B6%9A%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%2C+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F%2C+%E0%B6%BB%E0%B7%8F+%E0%B7%85%E0%B6%9F+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
දිවයිනේ ග්‍රාමීය ප්‍රදේශවල සීග්‍රයෙන් ව්‍යාප්ත වන නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය සහ අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩි කිරීමට අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා. ඒ අනුව පෙර වැරදි 3 කට වඩා සිදුකර ඇති පුද්ගලයින්ට එරෙහිව දඩ මුදල් වෙනුවට සිර ද`ඩුවම් ලබාදීමට තීරණය කර ඇති බවයි අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍යාංශය නිවේදනය කළේ.

මේ පිළිබඳව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවති මත්ද්‍රව්‍ය නිවාරණ ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවේදීද සාකච්ඡාවට ලක්වුණා. කසිප්පු, ගංජා, රා වැනි මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළත් දඩ මුදලක් ගෙවා නිදහස් වී ඔවුන් නැවත මෙම නීතිවිරෝධී ක්‍රියාවල නිරතවන බවයි එහිදී ප්‍රකාශ වී ඇත්තේ.

මේ අතර දුම්වැටි සඳහා පැනවූ 80% රූපමය අවවාද නීතිය ලබන ජූනි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසනවා. අදාළ නීති පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් අනතුරුවයි එය ක්‍රියාත්මක වන්නේ.