Update : පරිප්පු ගබඩාවක් පිපිරීමෙන් අතුරුදන් වූ සේවකයා සෙවීමේ මෙහෙයුම් තවමත්

Wednesday, 11 March 2015 - 7:44

Update+%3A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A
කැළණිය - පට්ටිවිල ප්‍රදේශයේ පරිප්පු සැකසුම් කර්මාන්තශාලාවක ටැංකියක් කඩා වැටීමෙන් පසු අතුරුදන් වූ එහි සේවකයා සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. පොලිසිය ප්‍රකාශ කළේ ඔහු මොණරාගල පදිංචි හර්ෂණ තිලකරත්න නමැති 24 හැවිරිදි අයෙකු බවට දැනට හඳුනාගෙන ඇති බවයි.

මෙම කම්හලේ පරිප්පු ගබඩා කර තිබූ ටැංකියක් පුපුරා යාමෙනුයි ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුවුණේ. කන්ටේනර් බහාලූම් තුළ රැගෙන එන පරිප්පු පොම්පයක් ආධාරයෙන් මෙම ටැංකියට ඇසුරුම් කරනවා. අඩි 20 ක දිගින් යුත් බහාලූම් 40 කට වැඩි සංඛ්‍යාවක රැගෙන එන පරිප්පු එහි ගබඩා කළ හැකියි. ඊයේ මෙම අනතුර සිදුවන විට බහාලූම් 60 ක පමණ පරිප්පු එහි ගබඩා කර තිබූ බව සේවකයන් ප්‍රකාශ කළා. අතිරික්ත පරිප්පු ගබඩා කිරීම සඳහා මෙම ටැංකියට ආසන්නව විශාල ප්‍රමාණයේ භූගත ගබඩාවක් ද පිහිටා ඇති අතර පුපුරා ගිය ගබඩාවේ පරිප්පු සමඟ අතුරුදන්වූ සේවකයා භූගත ගබඩාවට ඇදී ගොස් ඇති බවයි එහි සේවකයන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

Update : Wednesday, 11 March 2015 - 13:30
-------------------------------------------------
පරිප්පු ටැංකියක් කඩා වැටී අයෙක් අතුරුදන් - අයෙකුට තුවාල

කැළණිය - පට්ටිවිල ප්‍රදේශයේ පරිප්පු සැකසුම් කර්මාන්තශාලාවක ටැංකියක් කඩා වැටීමෙන් එහි සේවය කළ එක් අයෙකු අතුරුදන්ව තිබෙනවා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර  කියා සිටියේ ඊයේ (10) රාත්‍රියේ ඇති වූ මෙම සිද්ධියෙන් දැනට අතුරුදන්ව ඇත්තේ හර්ෂක තිලකරත්න නමැති මොණරාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයෙකු බවයි. අතුරුදන් පුද්ගලයා සෙවීමේ කටයුතුවලදී තවත් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම කම්හලේ පරිප්පු ගබඩා කර තිබූ ටැංකියක් කඩා වැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. කෙසේ වෙතත්, අතුරුදන් පුද්ගලයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.











ඡායාරූප  - ලයනල් පී පෙරේරා