මිශ්‍ර ඡන්ද ක්‍රමයකට පක්ෂ නායකයන්ගේ එකඟත්වය

Wednesday, 11 March 2015 - 7:48

%E0%B6%B8%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A++%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA
සමානුපාතික සහ කේවළ ක්‍රමය එක්තැන් වූ මිශ්‍ර ඡන්ද ක්‍රමයකට දේශපාලන පක්ෂ නායකයින්ගේ එකඟතාවය පළව තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී දැනට පවතින ඡන්ද ක්‍රමය සංශෝධනය විය යුතු ආකාරය පිළිබද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

මෙම සාකච්ඡාවට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ, රිෂාඞ් බදියුදීන්, මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී.එල්. පීරිස්, විජිත හේරත්, දිනේෂ් ගුණවර්ධන, ආර්. සම්බන්ධන්, ඩග්ලස් දේවානන්දා, තිස්ස විතාරණ සහ ඩිව් ගුණසේකර ඇතුළු පක්ෂ නායකයින් රැසක් මෙම සාකච්ඡාවට සහභාගි වී තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා අවම වශයෙන් මාස 3ක්වත් ගත වන බවයි. ඊයේ පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිලි කළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ දිනකට පැය 12ක් වත් සේවය කළහොත් අදාළ ඉලක්කයට යා හැකි බව මැතිවරණ කොමසාරිස්වරයා පවසා සිටි බවයි. 


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More