Update :ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

Wednesday, 11 March 2015 - 9:05

Update+%3A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මීගමුව - කටාන ප්‍රදේශයේ නිවසක තිබී කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 14ක බරින් යුත් හෙරොයින් තොගයක් සමඟ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඊයේ (10) අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 450කට අධික බවයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ විමර්ශනයකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

හෙරොයින් ග්‍රෑම් 14ක් සමඟ පුද්ගලයෙකු රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව රාගම ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 250ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගෙන් ලද තොරතුරු අනුවයි කටාන ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ පියාගේ නිවසේ තිබී මෙම හෙරොයින් සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඒ අනුව, එම පියා ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.



Update : Wednesday, 11 March 2015 - 13:28
-------------------------------------------
හෙරොයින් කිලෝ 5ක් සමඟ ප්‍රධාන ජාවාරම්කරුවෙකු මීගමුවේදී අත්අඩංගුවට

මීගමුව - කටාන ප්‍රදේශයේ නිවසක තිබී කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 14ක හෙරොයින් තොගයක් සමඟ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඊයේ (10) අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 450කට අධික බවයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ විමර්ශනයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 14ක් සමඟ පුද්ගලයෙකු රාගම ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත්තේ ඊයේ දිනයේයි. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව හෙරොයින් ග්‍රෑම් 250ක් සමඟ තවත් පුද්ගලයෙකු එම ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගත් බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. එම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව ඔහුගේ පියා බවට සැලකෙන පුද්ගලයෙකු සමඟ කටාන ප්‍රදේශයේ ඔහුගේ නිවසේ තිබී මෙම හෙරෝයින් සොයා ගත්තා.


කොරෝනා ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්
Tuesday, 04 August 2020 - 10:59

කොවිඩ් 19 වෛරසයට එරෙහිව එන්නතක් පිළිබඳ බලාපොරොත්තු පළවුවද... Read More

ඡන්ද පෙට්ටි නිකුත් කිරීම ඇරඹේ
Tuesday, 04 August 2020 - 10:56

ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යාම අද (04) පෙරවරු අටට... Read More

මැතිවරණයේ නිහඩ කාලසීමාව තුළ කැෆේ සංවිධානයෙන් ඉල්ලීමක්
Tuesday, 04 August 2020 - 10:36

2020 මහමැතිවරණයේ නිහඩ කාල සිමාව තුළ දී මැතිවරණ නීතිය අකුරට පිළිපදින්නැයි,... Read More