හිටපු ජනපති මහින්දගෙන් බෝධි පූජාවක්

Wednesday, 11 March 2015 - 9:29

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B7%92+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සෙත් පතා විශේෂ බෝධි පූජා පිංකමක් යාපහුව රජමහා විහාරස්ථානයේදී ඊයේ (10) පස්වරුවේ පැවැත්වුණා. එය සංවිධාන කර තිබුණේ හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක විසින්. සාලින්ද දිසානායක සහ තාරානාත් බස්නායක යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මෙන්ම වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර තිස්ස බලල්ලද මෙම අවස්ථාවට එක්ව සිටියා. බෝධි පූජාවෙන් අනතුරුව අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ පාලකයන්ගේ සිත් තුළින් වෛරය දුරුවේවා යන්නයි. එමෙන්ම ක්‍රෝධය සහ ඊර්ෂ්‍යාව දුරුවේවා යන්න හිටපු ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කළා.



















ඡායාරූප - රොෂාන් රණසිංහ