සජින්වාස්ගේ සහ ප්‍රියත් බන්දුගේ බිරිඳගෙන් ප්‍රශ්න කරයි

Wednesday, 11 March 2015 - 13:04

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මුදල් විශූද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනගේ බිරිඳගෙන් සහ සහ වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රමගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11) ප්‍රශ්න කර තිබෙනවා. ඒ පිළිබඳව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ මන්ත්‍රීවරයාට සහ හිටපු සභාපතිවරයාට අදාළව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල අවශ්‍යතාවය සඳහා මෙම ප්‍රශ්න කිරීම සිදුකළ බවයි.