දින 3 කදී පොලිසියේ උසස් නිලධාරින් 57 කට ස්ථානමාරු

Wednesday, 11 March 2015 - 13:26

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+3+%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+57+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94
ගත වූ දින 3 ක කාලසීමාව තුළ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් 57 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු වීම් ලබාදී තිබෙනවා. සේවා අවශ්‍යතාවය මත මහජන සාමය, ආපදා කළමනාකරණ සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝගය අනුව මෙම ස්ථානමාරුවීම් සිදුකර ඇති බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ. ඒ අනුව, පසුගිය 9 වන ඉරිදා නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 දෙනෙකුට ස්ථානමාරු වීම් ලබාදුන්නා. බස්නාහිර දකුණු දිශාව රථවාහන අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති පී.ඞී.ඒ.කේ සේනාරත්න, බස්නාහිර පළාත් රථවාහන අංශයටත්, නියෝජ්‍ය පොලිස්පති එච්.ඞී.කේ.එස්.ජයසේකර ත්‍රිකුණාමලය දිසාවේ සිට බස්නාහිර පළාත් දකුණු දිශාවටත්, නියෝජ්‍ය පොලිස්පති වී ඉන්ද්‍රන් සුබසාධක දිසාවේ සිට ත්‍රිකුණාමලය දිසාවටත් නියෝජ්‍ය පොලිස්පති ඊ.ඒ.එස් එදිරිසිංහ කළුතර දිසාවේ සිට සුබසාධක දිසාවටත් මෙලෙස ස්ථානමාරුවීම් ලබාදී තිබුණා. 

මීට අමතරව, පසුගිය දින 3 තුළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 21 දෙනෙකු සඳහා මහජන සාමය පිළිබඳ අමාත්‍යාංශයේ නිර්දේශ මත පොලිස් මූලස්ථානය ස්ථානමාරුවීම් ලබාදී තිබූ අතර, ස්ථානමාරුවීම් ලැබූ පොලිස් අධිකාරිවරුන්ගේ සංඛ්‍යාව 4 ක්. සහකාර පොලිස් අධිකාරිවරුන් 21 දෙනෙකු ද සේවය කළ ස්ථාන වලින් වෙනත් ස්ථාන වෙත මාරුකර යවා තිබෙනවා.

මේ අතර, මෝදර, බේරුවල, කඳාන, සූරියවැව, වැලිගම, වැලිකන්ද සහ මැදවච්චිය යන පොලිස් ස්ථානවල සේවය කළ ස්ථානාධිපතිවරුන් ද වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් පොලිස් ස්ථාන වෙත මාරු කිරීමට පියවර ගැණුනා.

විවිධ මාධ්‍ය වාර්තා පළ වී තිබුණේ පොලිසියේ තවත් සැලකිය යුතු උසස් නිලධාරින් පිරිසකට ස්ථානමාරුවීම් ලබාදීමට නියමිතව ඇති බවයි. මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය මහජන සාමය ආපදා කළමනාකරණ සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංගගෙන් විමසීමක් කළා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පොලිස් ස්ථානමාරුවීම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති බවයි. ඉන් අනතුරුව, මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කළ හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More