ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට පත්විය හැකියි - බාහු

Wednesday, 11 March 2015 - 19:00

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B6%E0%B7%8F%E0%B7%84%E0%B7%94
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරි සතියේදී හෝ ඊට පසුව එළැඹෙන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද රැස්වූ ජාතික විධායක සභාව තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ජාතික විධායක සභාවේදී මෙම සංශෝධනයට එකඟත්වය පළ වූ බවයි නව සම සමාජ පක්ෂයේ නායක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියා සිටියේ.

ජාතික විධායක සභාවේදී ඇවන්ට්ගාඞ් සිද්ධියද සාකච්ඡා වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට පත්වේ යැයි තමන්ට හැෙඟන බවයි නව සමාජ පක්ෂයේ නායක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න තවදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ. මේ එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස්.

‘‘ඇවන්ගාඞ් ප්‍රශ්ණය සාකච්ඡා කළා. මේක විශාල වංචනික වැඩපිළිවෙලක්. ඉතා  ලොකු බලවතුන් ඉන්න විශාල මුදල් සම්භාරයක් අරගෙන කරපු වැඩපිලිවෙලක්. ඒ ගැන දීර්ඝ වශයෙන් විමර්ශනය කළ යුතුයි. මේකෙදි සමහරවිට ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට පත්වෙන්නත් පුළුවන් කියලා ඒකෙදි පෙනී ගියා මටනම්. මොකද එයාගේ අණසක යටතේ තමයි මේක හැදිලා තිබුණේ.’’


ඡන්ද පොළට යාමට අවස්ථාවක් නොමැති පිරිස (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 9:34

නිවෙස් තුළ ස්වයං නිරෝධායනය වන පිරිස අතරින් පළමු දින 14  තුළ... Read More

ඡන්දපොළ සුරක්ෂිතයි - මැතිවරණ කොමිසමේ සභාපති
Wednesday, 05 August 2020 - 8:53

ඡන්ද පොළ සුරක්ෂිත බැවින් කිසිදු සැකයකින් තොරව මහ මැතිවරණයේ... Read More

ආරක්ෂාවට පොලීසියෙන් 82,000 ක්  - පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකායත් සේවයේ
Wednesday, 05 August 2020 - 7:56

ඡන්ද විමසීම සිදු කෙරෙන අද දිනයේ, ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්... Read More