ජෝන්ව ඇමති ධුරයෙන් ඉවත් කරන්න

Wednesday, 11 March 2015 - 19:05

%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
පොලිස් දෙපාර්තමේන්තුව අයත්වන මහජන සාමය පිළිබඳ අමාත්‍ය ධුරයෙන් ජෝන් අමරතුංග ඉවත් කරන ලෙස විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.  

මේ අතර පොලිස් දෙපාර්තමේන්තුව සහ එය අයත් මහජන සාමය පිළිබඳ අමාත්‍යාංශය අතර ගැටුමක් පැන නැගී ඇත්දැයි මාධ්‍යවේදීන් වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් අද විමසා සිටියේ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදියි. මීට ප්‍රධාන හේතුව වූයේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියමයෙන් සිදුකළ ඉහළ පොලිස් නිලධාරීන්ගේ  ස්ථාන මාරු රැසක් පිළිබඳ පොලිස්පතිවරයා නොදන්නා බවට මාධ්‍ය වාර්තා පළවී තිබීමයි.

පසුගිය දින 3 තුළ ඉහළ පොලිස් නිලධාරීන් 57 ක් ස්ථාන මාරු කර තිබෙනවා. සහකාර පොලිස් අධිකාරී සහ ඊට ඉහළ සියලූ නිලධාරීන් මාරුකිරීමේ බලතල ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරයාට බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද කියා සිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවේදී විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ පොලිස්පතිවරයාගෙන් විමසීම් සිදු නොකර අමාත්‍යවරයා අත්තනෝමතිකව ක්‍රියා කරන බවයි. මේ සම්බන්ධයෙන් අප මහජන සාමය පිළිබඳ සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංගගෙන්ද විමසීමක් කළා.

ඔහු කියා සිටියේ පසුගිය ආණ්ඩුවේ දූෂිතයින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන තමන්ව  ධුරයෙන් ඉවත් කිරීම විපක්ෂයේ අරමුණ වී ඇති බවයි.