රාජිතට එරෙහි පැමිණිල්ල ගැන පොල්ගම්පලගෙන් ප්‍රශ්න කෙරේ

Wednesday, 11 March 2015 - 19:09

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
අමාත්‍ය රාජිත සේනාරත්න ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ සිදුකළ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ විකල්ප කණ්ඩායමේ කැඳවුම්කරු අනුරුද්ධ පොල්ගම්පල අද අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදුන්නා. පැය දෙකකට අධික කාලයක් තමන්ගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම තොරතුරු ලබාගත් බවයි  ඔහු කියා සිටියේ. මීට අදාළ පැමිණිල්ල සිදුකර ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් 23 වැනිදායි.

වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ ධීවරයන් වෙනුවෙන් ජීවිතාරක්ෂක කබා මිලදීගැනීමේදී දූ ෂිත ආකාරයෙන් කටයුතු කර ඇති බවට මෙම සිද්ධියට අදාළ පැමිණිල්ලෙන් චෝදනා කර තිබෙනවා. ජීවිතාරක්ෂක කබා 32000ක් පමණ ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් ලබාගෙන ඇති බවයි අනුරුද්ධ පොල්ගම්පල ප්‍රකාශ කරන්නේ. අනුමත ටෙන්ඩරය ඉදිරිපත් කළ සමාගමට ඇණවුම ලබා නොදී වෙනත් සමාගමකින් ඒවා මිලදීගෙන ඇති බවත් එම ජීවිතාරක්ෂක කබා නියමිත ප්‍රමිතියෙන් තොර බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. ඊට අදාළ විමර්ශන වෙනුවෙන් පළමුව පැමිණිලි පාර්ශවය අල්ලස් කොමිසම හමුවට කැඳවීම සුවිශේෂී තත්ත්වයක් බවයි අද සිය ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ විකල්ප කණ්ඩායමේ කැඳවුම්කරු අනුරුද්ධ පොල්ගම්පල කියා සිටියේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනගේ බිරිඳ වන දමයන්ති ගුණවර්ධනගෙන් සහ වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රමගේ බිරිඳ වන චන්දිමා කුමාරිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රශ්න කරනු ලැබුවා. මන්ත්‍රිවරයාට සහ හිටපු සභාපතිවරයාට එරෙහිව අයථා ලෙස වත්කම් ඉපයීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ සිදු කෙරෙන අතර ඊට අදාළවයි මෙම ප්‍රශ්න කිරීම් සිදුකර ඇත්තේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත ඉදිරි කටයුතු සිදුකරන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළා.



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More