අප්‍රේල් 23 පසු මහ මැතිවරණයට එජාපය එකඟයි

Wednesday, 11 March 2015 - 19:51

%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+23+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%BA%E0%B7%92
ලබන අප්‍රේල් 23 වැනිදායින් පසු පවතින මැතිවරණ ක්‍රමය යටතේ පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු බවට අද රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද රැස්වුණා. එහිදී මෙම තීරණය ගත් බවයි එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.