මෝදි එන නිසා කොළඹ රථ වාහන සැලැස්ම මෙහෙමයි

Thursday, 12 March 2015 - 7:58

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B6%91%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙරට සංචාරය හේතුවෙන් හෙට සහ අනිද්දා යන දෙදින තුළ කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා. පොලිස් මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව විස්තර කළ වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ හෙට දිනයේ පෙරවරු 5යි 30 සිට පෙරවරු 6 යි 30 දක්වා කටුනායක අධිවේගී මාර්ගය, නව කැළණි පාලම, බේස්ලයින් මාර්ගය, බොරැල්ල මංසන්ධිය, ඞී.එස්. විදුලි සංඥා, හෝටන් පෙදෙස, ලිබර්ටි වටරවුම සහ කොල්ලූපිටියේ සිට ගාලූ මුවදොර දක්වා මාර්ගය රථවාහන ධාවනයේදී යම් සීමාකිරීමක් සිදුකරන බවයි. තවද පෙරවරු 9 යි 15 සිට 9 යි 45 දක්වා පැය භාගයක කාලයක් ගාලූ මුවදොර ඉදිරිපිට ගාලූ පාරේ රථවාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති. පෙරවරු 11 යි 30 සිට දහවල් 12 යි 30 දක්වා ගාලූ මුවදොර ඉදිරිපිට ගාලූ පාර ලෝටස් පාර, රිගල් වටරවුම, ඞී.ආර්. විජයවර්ධන මාවත, ගාමිණී හෝල් වටරවුම, මරදාන හන්දිය සහ මාළිගාකන්ද පාරේ සිට මහාබෝධි විහාරය දක්වා වූ මාර්ගවල සහ ප්‍රදේශයන්හි රථවාහන ධාවනයේදී සීමා කිරීම් සිදුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.

මේ අතර අනිද්දා පෙරවරු 8 යි 15 සිට 8යි 45 දක්වා සහ පස්වරු 3 යි 15 සිට පස්වරු 4 යි 30 දක්වා ගාලූ මුවදොර සිට ලෝටස් පාර, සෙරමික් හන්දිය, රීගල් වටරවුම, චිත්තප්පලම් ඒ ගාඩිනර් මාවත, කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට වට රවුම දක්වා කොටසද වසා තැබෙනවා.

තවද එදින පස්වරුවේ කොළඹ නගරයේ තවත් මාර්ග කිහිපයක් වසා තැබීමට නියමිත බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ගාලු මුවදොර පිටිය දක්වා රථ වාහන සැලැස්ම



ගාලු මුවදොර ඉදිරිපිට ගාලු පාර - පාර්ලිමේන්තුවට හැරෙන වටරවුම දක්වා රථ වාහන සැලැස්ම