හිටපු ජනපති ජයශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදාගනී

Thursday, 12 March 2015 - 8:52

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B6%E0%B7%9D+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%B3%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ ජයශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තා. මෙම සංචාරයේදී හිටපු ජනාධිපතිවරයා අටමස්ථානාධිපති සහ රුවන්වැලි මහා චෛත්‍යාධිකාරී මහ නාහිමිවරුන්ද බැහැදුටුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අනුරාධපුර පූජා නගරයට ගිය අවස්ථාවේදී එහි රැස්ව සිටි ජනතාවගෙන් ඔහුට හිමිවූයේ උණුසුම් ප්‍රතිචාරයක්. එහිදී ඔහු රැස්ව සිටි පිරිස සමග සුහද කථාබහක නිරතවූ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස මහ නාහිමියන්ද බැහැදැක තිබෙනවා. අනතුරුව මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් වත්මන් දේශපාලන කටයුතු පිළිබඳව විමසා සිටියා.  හිටපු ජනාධිපතිවරයා එම අවස්ථාවේදී කියා සිටියේ දේශපාලන කටයුතු පිළිබඳව සිතාබැලීමට තව කල් තිබෙන බවයි.









































ඡායාරූප - අතුල බණ්ඩාර