සජින් වාස් යළි අල්ලස් කොමිසමට

Thursday, 12 March 2015 - 9:50

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනගෙන් අද පෙරවරුවේ අල්ලස් කොමිසම යළි ප්‍රකාශයක් සටහන් කරගනු ලැබුවා. අද පෙරවරු 9 සිට පැය කිහිපයක් මන්ත්‍රිවරයාගෙන් මෙම ප්‍රකාශය ලබාගත් බවයි අල්ලස් කොමිසමේ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ.

මීට පෙර පසුගිය 3 වැනිදාද පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියා. එමෙන්ම පසුගිය පෙබරවාරි 25 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවද ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගත්තා. ඊයේ උදෑසනද සජින් ද වාස් ගුණවර්ධනට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටිනා ලෙස දැනුම්දෙනු ලැබුවද ඔහු නොපැමිණියේ, හදිසි අසනීප තත්ත්වයක් ඇති බව අල්ලස් කොමිසමට දැනුම්දීමෙන් අනතුරුවයි.

මේ අතර මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශයක් ලබාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අයථා ලෙස මුදල් ඉපයීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ පැමිණිලි අතර මොහුට  විරුද්ධවද පැමිණිලි පවතිනවා.


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More