ඊසි කෑෂ් ක්‍රමයට සිදුකරන ජාවාරමක් හෙලිවෙයි

Thursday, 12 March 2015 - 13:05

%E0%B6%8A%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B7%91%E0%B7%82%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක තොරතුරු අනාවරණ වී තිබෙනවා. එම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් අටදෙනෙකු බණ්ඩාරවෙල ප්‍රදේශයේදී ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇති බවයි බණ්ඩාරවෙල කොට්ඨාශ විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නන් ඊසි කෑෂ් ක්‍රමයට ගැනුම්කරුවන්ගෙන් මුදල් ලබාගෙන ඊට අදාළව ලබාදිය යුතු හෙරොයින් මත්කුඩු බණ්ඩාරවෙල ඇටම්පිටිය මාර්ගයේ ස්ථාන කිහිපයක සඟවනු ලබනවා. ඉන් අනතුරුව ජාවාරම්කරුවන් ගැනුම්කරුවන්ට හෙරොයින් සැඟවූ ස්ථාන දැනුම් දෙන අතර ඔවුන් එම ස්ථානවලට ගොස් මත්කුඩු ලබාගන්නා බවටයි හෙළිවී ඇත්තේ. මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.