තුර්කියට පිවිසෙන සිරියානු මාර්ග දෙකක් වසයි

Thursday, 12 March 2015 - 13:29

%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BA%E0%B7%92
සිරියාවේ සිට තුර්කියට පිවිසෙන මාර්ග දෙකක් අද සිට වසා දමා තිබෙනවා. ඒ, මෙම පිවිසුම් මාර්ග හරහා සිරියාව තුළ සිටින අයි.එස්. කැරළිකරුවන්ට එක්වීම සඳහා වෙනත් රටවල සටන්කාමීන් පැමිණීම වැළැක්වීම සඳහායි. මෙම පිවිසුම් මාර්ග දෙක හරහා සිරියාවේ සිට තුර්කියට සරණාගතයින් සහ භාණ්ඩ ප්‍රවාහනය සිදු කෙරුණා. මේ වනවිට උතුරු සිරියාවේ ඇලපෝ නගරයේ අයි.එස්. සටන්කාමීන් සහ ආරක්ෂක අංශ අතර දරුණු ගැටුම් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා තවදුරටත් සඳහන් කළේ.