නව ඡන්ද ක්‍රමයකට හැමෝම එකඟ වෙයි

Thursday, 12 March 2015 - 13:22

%E0%B6%B1%E0%B7%80+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%90%E0%B6%B8%E0%B7%9D%E0%B6%B8+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අහෝසි කිරීමත් සමග මැතිවරණ ක්‍රමය සංශෝධනයද එකට සිදුවිය යුතු බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඒ, කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින්. මැතිවරණ සඳහා නාමයෝජනා ලබාදීමේදී දේශපාලන පක්ෂ සළකා බැලිය යුතු නිර්නායක 8 ක් ඇතුලත් මාර්තු 12 ප්‍රකාශනය නමින් යෝජනාවලියක් පැෆ්රල් සංවිධානය අද  එළිදක්වනු ලැබුවා. ඊට එක්වෙමින් තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ විධායක ජනාධිපති ධුරයට වඩා ඡන්ද ක්‍රමය වෙනස් කිරීම වඩාත් ඉක්මන් කළ යුතු කරුණක් බවයි. එම උත්සවයටම එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ තමන් දැනටමත් මැතිවරණ ක්‍රමය වෙනස් කිීරීමේ මූලික එකඟතාවකට පැමිණ සිටින බවයි.