Update: හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන අත්අඩංගුවට

Thursday, 12 March 2015 - 15:01

Update%3A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා දීර්ඝ ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. ඉන් අනතුරුවයි අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේ.   

ආයෝජන මණ්ඩලය සතු සමාගමකින් ඉවත් කරන ලද යකඩ තොගයක් රුපියල් ලක්ෂ 96කට ලබාදෙන බවට මුදල් ලබාගෙන එම පොරොන්දුව කඩ කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කළේ මීට මාස කිහිපයකට පෙරදීයි. ඒ අනුව, මීට පෙර ද අවස්ථා කිහිපයකදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගෙන තිබුණා.   

මේ අතර, අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනගෙන් අද (12) දීර්ඝ ප්‍රකාශයක් ලබා ගත්තා. අද පෙරවරු 9 සිට පැය 7 කට අධික කාලයක් මෙලෙස අල්ලස් කොමිසම ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මීට පෙර පසුගිය 3 වැනිදාද පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියා. එමෙන්ම පසුගිය පෙබරවාරි 25 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවද ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගත්තා. ඊයේ උදෑසනද සජින් ද වාස් ගුණවර්ධනට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටිනා ලෙස දැනුම්දෙනු ලැබුවද ඔහු නොපැමිණියේ, හදිසි අසනීප තත්ත්වයක් ඇති බව අල්ලස් කොමිසමට දැනුම්දීමෙන් අනතුරුවයි.

මේ අතර මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශයක් ලබාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අයථා ලෙස මුදල් ඉපයීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ පැමිණිලි අතර මොහුට  විරුද්ධවද පැමිණිලි පවතිනවා. 



Update: Thursday, 12 March 2015 - 07:39 PM
....................................................................

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (12) පැමිණි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ආයෝජන මණ්ඩලය සතු සමාගමකින් ඉවත් කරන ලද යකඩ තොගයක් රුපියල් ලක්ෂ 96 ක මුදලකට ලබාදෙන බවට මුදල් ලබාගෙන එම පොරොන්දුව කඩ කිරීම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට එල්ල වී තිබූ චෝදනාව බවයි.


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More