යහපාලනය ගැන හිටපු ජනපති මහින්ද ප්‍රශ්න කරයි

Thursday, 12 March 2015 - 19:38

%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදෙනු ලැබුවේ පක්ෂය බේරා ගැනීමේ අරමුණින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර - එප්පාවල ප්‍රදේශයේදී ඊයේ (11) පස්වරුවේ ජනතාව අමතමින්.

එමෙන්ම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (12) පෙරවරුවේ මිහින්තලේ රජමහා විහාරස්ථානයට ද පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. එහිදී හිටපු ජනාධිපතිවරයා මිහින්තලේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ සුවදුක් විමසා බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා. එහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ පොලිස්පති සහ නීතිපතිවරයා ප්‍රකාශ කළ යුතු දේ ඇතැම් දේශපාලනඥයින් ප්‍රකාශ කිරීමට පටන්ගෙන ඇති බවයි. ඇතැම් අය අත්අඩංගුවට ගන්නවා, රක්ෂිත බන්ධනාගාරගත කරනවා වැනි ප්‍රකාශ ඔවුන් විසින් සිදුකරන බවයි හිටපු ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ. යහපාලනය මෙය නම් රටට දෙවියන්ගේම පිහිට බවද ඔහු මෙහිදී සඳහන් කළා.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ පස්වරුවේ හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේනගේ අනුරාධපුර - කුරුන්දම්කුලමේ පිහිටි නිවසට ගොස් තිබුණා. එම අවස්ථාවට ප්‍රදේශයේ පාක්ෂිකයන් රැසක් එක්ව සිටි අතර, ඔවුන්ගෙන් හිටපු ජනාධිපතිවරයාට හිමිවූයේ උණුසුම් ප්‍රතිචාරයක්. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ප්‍රකාශ කළේ පක්ෂයේ සභාපති ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටම හිමිවිය යුතු බවයි. එසේ නොවුනහොත් තමන් ගෙළ කපා ගන්නා බවට ද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More