දින සියය ප්‍රාණ ඇපකරුවෙකු කර ගන්න එපා - අගමැති

Thursday, 12 March 2015 - 19:42

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB+%E0%B6%87%E0%B6%B4%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් දින සියයේ වැඩසටහන ප්‍රාණ ඇපකරුවෙක් බවට පත්කර ගැනීමට තමන් විරුද්ධ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මැතිවරණ සඳහා නාමයෝජනා ලබාදීමේදී දේශපාලන පක්ෂ සලකා බැලිය යුතු අත්‍යවශ්‍ය පොදු නිර්ණායක 08 ක් ඇතුළත් මාර්තු 12 ප්‍රකාශනය නමින් යෝජනාවලියක් පැෆ්රල් සංවිධානය අද (12) එළිදක්වනු ලැබුවා. ඊට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.

මෙම අවස්ථාවට විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ද එක්ව සිටි අතර, ඔහු ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීමත් සමඟම හොඳ මැතිවරණ ක්‍රමයක්ද රටට අවශ්‍ය වන බවයි.   

එම අවස්ථාවට එක්වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ දින සියයේ වැඩසටහන තුළ යහපාලනය ඇති කිරීමට සියලූ දෙනාම පොදු එකඟතාවයකට පැමිණිය යුතු බවයි.

කරුණු 08 ක් ඇතුළත් එම යෝජනාවලියට මෙහිදී පැමිණ සිටි දේශපාලන පක්ෂ නායකයින් අත්සන් තැබුවා. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජාතික හෙළ උරුමය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, නව වාමාංශික පෙරමුණ ඇතුළු පක්ෂ රැසක නායකයින් සහ නියෝජිතයින් හා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියද මෙම අවස්ථාවට එක්ව සිටියා.



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More