Update : තට්ටු නිවසේ කාන්තාවන් මැරුණද ? මැරුවද ?

Friday, 13 March 2015 - 8:28

Update+%3A+%E0%B6%AD%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%AF+%3F+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%AF+%3F
පානදුර - උයන්කැලේ ගාලූපාර අසල දෙමහල් නිවසක තිබී සොයාගත් කාන්තාවන් දෙදෙනෙකුගේ හිස් කබල් දෙක සහ අස්ථි කොටස් විශේෂ පරීක්ෂණයක් සඳහා යොමුකෙරෙනවා. අදාළ හිස්කබල් සහ අස්ථි කොටස් පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (12) පවත්වනු ලැබූ අතර ඉන් අනතුරුවයි ඒවා නිසි ලෙස හඳුනා ගැනීම සඳහා විශේෂඥ පරීක්ෂණයකට යොමුකෙරෙන්නේ.

රක්වාන ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම කාන්තාවන්ගේ සොහොයුරෙකු වසර දෙකකට පසු ඊයේ එම නිවසට පැමිණ ඇති අතර, ඉන් පසු මෙම අස්ථි කොටස් දැක පානදුර දකුණ පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ප්‍රදේශවාසීන් අදාළ සොහොයුරියන් ජීවත් වූ නිවසේ දොර දින කිහිපයක් තිස්සේ විවෘතව තිබීම හේතුවෙන් ඔවුන්ගේ සොහොයුරා වෙත ඒ බව දැනුම් දී ඇති බවයි. එම පැමිණිල්ලට අනුව සිදුකළ විමර්ශනවලදී මියගිය සහෝදරියන් දෙදෙනාගේ හිස් කබල් සහ ශරීර කොටස් එහි තිබී හමුවී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ වයස 70ක් සහ, 72 ක් වන මෙම සහෝදරියන් දෙදෙනාගේ හිස් කබල් සහ ශරීර කොටස් පානදුර රෝහලේ මෘත ශරීරාගාරය වෙත පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යැවූ බවයි.

මීට පෙර පල කළ පුවත මෙතනින් බලන්න :
http://goo.gl/7ePynh