පරවියෙකු මිනිස් ජීවිතයක් බිලිගනී

Friday, 13 March 2015 - 9:23

%E0%B6%B4%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
වැලිගම - මිදිගම - තුර්කි ගම්මානයේ දෙපිරිසක් අතර ඊයේ (12) පස්වරුවේ සිදුවූ ගැටුමකින් තුවාල ලබා වලාන රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ පුතා සහ සැකකරුගේ පුතා අතර පරවියෙකු සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා තුවාල ලබා තිබෙනවා. පළමු සැකකරු ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාට ක්‍රිකට් පිත්තකින් පහරදී ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.