Update: මෝදි මෛත්‍රී එක්ක කතාව පටන් ගනියි

Friday, 13 March 2015 - 9:34

Update%3A+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%92
දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර ද්වීපාර්ශවික සාකච්ඡා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙරවරු 9.30 ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පිවිසි අතර, ඔහුව පිළිගනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්. අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත හමුදා උත්තමාචාරයක් සහ සම්මාන වෙඩි මුරයක් ද පැවැත්වුණා.  

දැන් පැවැත්වෙන ද්වීපාර්ශවික සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද එක්ව සිටින අතර අනතුරුව ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ශ්‍රී ලංකා රජයේ බලධාරින් අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තබනු ඇති. අද අලූයම 5.20 ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට විශේෂ ගුවන් යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණියා. එහිදී ඔහුව පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්.









Update : Friday, 13 March 2015 - 9:34
......................................................................................................................................................................

මෝදි, මෛත්‍රී නිල සාකච්ඡාවට සියල්ල සූදානම්

දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද පෙරවරු 9.30 ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පිවිසෙනවා. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන්. මෙහිදී ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ශ්‍රී ලංකා රජයේ බලධාරින් අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තබනු ඇති. අද අලූයම 5.20 ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට විශේෂ ගුවන් යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණියා. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් නිල වශයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාව පිළිගනු ලැබුවා. පසුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමේ උත්සවයකින් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ වනවිට කොළඹ නගරයට පැමිණ තිබෙනවා.