Update: බිරිඳ මැරූ බ්‍රිගේඩියර් පෝරකයට

Friday, 13 March 2015 - 14:17

Update%3A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9D%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7
තම බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරු වූ යුද හමුදාවේ හිටපු බ්‍රිගේඩියර්වරයෙකුට ගම්පහ මහාධිකරණය අද (13) මරණ දඬුවම නියම කළා. මීට අදාළ නඩුවේ තීන්දුව අද ලබාදෙමින් ගම්පහ මහාධිකරණ විනිසුරු පියසිලි වික්‍රමසිංහ ඔහුට මෙලෙස මරණ දඬුවම නියම කර තිබෙනවා.
 
චන්දන ප්‍රියන්ත රූපසිංහ නමැති මෙම හමුදා නිළධාරියා 2007 වසරේ නොවැම්බර් මස 23 වන දා සපුගස්කන්ද - මාකොළ ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදීයි තම බිරිඳට වෙඩි තබා ඝාතනය කර තිබුණේ. ඔහු තම රාජකාරී ගිනි අවියෙන් මෙම ඝාතනය සිදුකර තිබීම ද විශේෂත්වයක්. තේජානි රූපසිංහ නමැති මෙම යුද හමුදා හිටපු බ්‍රිගේඩියර්වරයාගේ බිරිඳගේ මරණය මුලින් සිය දිවි නසා ගැනීමක් ලෙස වාර්තා වුවත් වැඩිදුර පරීක්ෂණවලින් පසුවයි එය ඝාතනයක් බවට අනාවරණ වී තිබුණේ.



Update: Friday, 13 March 2015 - 06:55 PM
.........................................................................

බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරු වූ හිටපු බ්‍රිගේඩියර්වරයෙකුට අද (13) මරණ දඬුවම නියම කර තිබෙනවා. ගම්පහ මහාධිකරණ විනිසුරු පියසිලි වික්‍රමසිංහ මතුරට හමුවේ අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදීයි මෙලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ. 2007 වසරේ නොවැම්බර් මාසයේදී මාකොළ ප්‍රදේශයේදී තම බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීම හිටපු බ්‍රිගේඩියර්වරයාට එල්ල වී ඇති චෝදනාවයි.


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More