Update: ජස්ටින්කන්දේ මෙහෙයුමෙන් කඩු, කිනිසි, ගංජා, ෆුල් ෆේස් හෙල්මට්

Friday, 13 March 2015 - 17:29

Update%3A+%E0%B6%A2%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%2C+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92%2C+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F%2C+%E0%B7%86%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A
ගාල්ල - කරාපිටිය - ජස්ටින්කන්ද ප්‍රදේශයේ අද (13) අලූයම දෙකේ සිට මේ වනවිටත් ක්‍රියාත්මක  විශේෂ මෙහෙයුමෙන්  පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අපරාධ වැළැක්වීමේ අරමුණින් පොලීසියට ලැබුණු තොරතුරු මත අදාළ ප්‍රදේශයේ මෙම මෙහෙයුම සිදුකළ බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ නිවෙස්වල තිබී තියුණු ආයුධ, ෆුල්ෆේස් හෙල්මට් හෙවත් සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන හිස් වැසුම් මෙන්ම නාවික හමුදා නිළ ඇඳුම් කොටස් කිහිපයක් ද සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.



Update: Friday, 13 March 2015 - 07:24 PM
...............................................
ජස්ටින්කන්දේ 11ක් අත්අඩංගුවට

ගාල්ල - කරාපිටිය - ජස්ටින්කන්ද ප්‍රදේශයේ අද (13) අලූයම සිට සිදුකළ විශේෂ මෙහෙයුමෙන්  පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අපරාධ වැළැක්වීමේ අරමුණින් පොලීසියට ලැබුණු තොරතුරු මත අදාළ ප්‍රදේශයේ මෙහෙයුම සිදුකළ බවයි. අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ නිවෙස්වල තිබී තියුණු ආයුධ, ෆුල්ෆේස් හෙල්මට් හෙවත් සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන හිස් වැසුම් මෙන්ම නාවික හමුදා නිළ ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් ද සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.