අසල්වැසියන් ගැන ඉන්දියාවේ ප්‍රතිපත්තියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශංසා

Friday, 13 March 2015 - 19:22

%E0%B6%85%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B6%82%E0%B7%83%E0%B7%8F
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් පසු අද පාර්ලිමේන්තුව අමතනු ලැබුවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යනු එකම කාසියක දෙපැත්ත වැනි බැදීමක් ඇති රටවල් දෙකක් ලෙසයි ඔහු හැදින්වූයේ.  

‘‘අපිට ඉතාමත් ආඩම්බරයි නරේන්ද්‍ර මෝදි පිළිගන්න මේ අවස්ථාවේදී, මේක ඉන්දීය අගමැතිතුමාගේ ඵෙතිහාසික සංචාරයක්. ලංකාවේ තමයි පරණම පාර්ලිමේන්තුවම තියෙන්නේ මුළු ආසියාවේම. අපේ රටවල් දෙක එක කාසියේ දෙපැත්තක් වගෙයි. මොකද මේ රටවල් දෙකම යන්නේ එකම ඉලක්කයක. අපිට  ඕන සාමය, ස්ථාවරභාවය, ආර්ථික වර්ධනය, ආරක්ෂාව සහ විශේෂයෙන්ම කලාපීය ආරක්ෂාව. අපේ රටවල් දෙකේ ඉරණම එකයි. ’’

එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉන්දියාව වර්තමානයේ අසල්වැසි රටවල් පිළිබඳ අනුගමනය කරන ප්‍රතිපත්තිය ප්‍රශංසනීය බවයි.

‘‘මේ නව ඉන්දියානු රජයේ ප්‍රතිපත්තිය තමයි අවට සිටින රටවල් සම්බන්ධයෙන් මුල් තැන ලබාදීම. ඒක ඉන්දීය රජයේ හොඳ ධනාත්මක ලක්ෂණයක්. ඒ වගේම සාර්ක් කලාපයේ රටවල් ශක්තිමත් කරන්නත් මේ තුළින් හැකිවෙනවා. සාර්ක් කලාපයේ රටවල්වලින් ඉන්දියාව තමයි මේ සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ යුත්තේ. ශ්‍රී ලංකාව විදියට අපිත් ඒ සඳහා සහයෝගය ලබාදෙන්න සූදානම්. ඒ වගේම මම ස්තූතිවන්ත වෙනවා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීප සම්බන්ධතා ඇති කරගන්න ලබාදුන් මේ අවස්ථාවට.’’

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සියලූ දේශපාලනඥයින්ට ආදර්ශයක් බවයි ඔහු කියා සිටියේ.

‘‘අතීතයේ පටන් ඉන්දියාව - ශ්‍රී ලංකාව සමඟ ඉතා හොඳ කිට්ටු සබඳතාවක් පැවැත්වූවා. විශේෂයෙන් ආර්ථික සබඳතා මගින් ඉන්දියාව තමයි අපි ආර්ථික වශයෙන් ගනුදෙනු කරන රටවල් අතර ඉදිරියෙන් ඉන්නේ. ඔබතුමා කදිම නිදසුනක් දැන් ඉන්න දේශපාලනඥයින්ට. ලංකාවේ ඉන්න දේශපාලනඥයන් ඔබතුමා ආදර්ශයට ගන්න  ඕනි. ඒ විතරක් නෙමෙයි සාක් රටවල සහ වෙනත් රටවලට අයත් ඔබ තුමාගේ ක්‍රියාකලාපය ආදර්ශයට ගන්න  ඕනි. ඔබ තුමා පැමිණීම අපි අගේ කරනවා. ඔබ තුමාට තෙරුවන් සරණයි.’’



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More