ශ්‍රී ලංකාව සමඟ සුහදව - අගමැති මෝදි ව්‍යාපාරිකයන් හමුවේ කියයි

Saturday, 14 March 2015 - 8:01

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%94%E0%B7%84%E0%B6%AF%E0%B7%80++-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A++%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (14) අනුරාධපුරයේ සහ උතුරේ සංචාරයක නිරත වනවා. ජයශ්‍රී මහාබෝ සමිඳුන් වැඳ පුදා ගන්නා ඔහු  මන්නාරමේ සිට තලෙයිමන්නාරම දක්වා ඉදිකෙරුණු දුම්රිය මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට ද එක්වනවා. යාපනයේ සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිටත් වන්නේ ඉන් අනතුරුවයි. ඉන්දීය ආධාර යටතේ උතුරේ ඉදිකෙරුණු නිවාස කිහිපයක් ද සංකේතාත්මකව ජනතාව වෙත භාරදීම සිදුකෙරෙන්නේ මෝදි අග්‍රාමාත්‍යවරයා අතින්. අද දිනයේදී ඔහු මුස්ලිම් කොංග්‍රසය, ලංකා කම්කරු කොංග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජිතයින් ද හමුවීමට නියමිතව තිබෙනවා.

මේ අතර, කොළඹ පැවැති ව්‍යාපාරික හමුවකට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊයේ එක්වුණා. එය සංවිධාන කර තිබුණේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයයි. ශ්‍රී ලංකාව තුළ පවතින කර්මාන්ත අස්ථාවරභාවය තුරන් කිරීමට ඉන්දියාව උපකාර කරන බවයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සදහන් කළේ. තරඟකාරී ලෝකයට මුහුණදීමේදී ශ්‍රී ලංකාව සමඟ එක්ව ගමන් කිරීමට සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊයේ දෙමළ ජාතික සන්ධානය ද හමුවී සාකච්ඡා කළා. එම සාකච්ඡාව පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්. පළ කළේ මෙවන් අදහසක්. ‘‘ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාත් එක්ක අපි කතා කළා. උතුරු - නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙල ගැනත් ඒ අතර කතා වුණා. විශේෂයෙන්ම උතුරේ ඉඩම් ගැටළුව ගැනත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට අපි පැහැදිලි කළා. ඒ ඒ ඉඩම්වල අයිතිය හිමිකරුවන්ට පවරා දිය යුතුයි කියලයි අපි අගමැතිවරයාට පැහැදිලි කළේ. එමෙන්ම ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් වන විසදුම්වලදි දෙමළ ජාතික සන්ධානයට නිරන්තරයෙන්ම සහයෝගය ලබාදෙනවා කියලා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අපිට පැහැදිලි කළා.’’

මේ අතර, ඉන්දීය අග්‍රමාත්‍යවරයා සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග අතර හමුවක් ද ඊයේ පස්වරුවේ සිදුවුණා.