කතරගම දේවාලයට දේශපාලනය බෑ - ගැසට් නිවේදනයක්

Saturday, 14 March 2015 - 8:17

%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B6%E0%B7%91+-+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රුහුණු කතරගම මහ දේවාලය දේශපාලන බලපෑම්වලින් තොර ස්ථානයක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා. ඊට අදාළව බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතෙහි බලරහිත කර තිබූ වගන්ති දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක කරන බව සඳහන්.

ඒ අනුව බුද්ධශාසන අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි මීට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. මීට අදාළව බලරහිත කර තිබූ පළමු වගන්තිය වුණේ බස්නායක නිළමේවරයෙකු වශයෙන් පත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, පළාත් සභා මන්ත්‍රීවරයෙකු හෝ පළාත් පාලන සභිකයෙකු වීම නුසුදුසුකමක් වන බවට දැක්වෙන වගන්තියයි. එසේම බස්නායක නිළමේවරයෙකුගේ ධුර කාලයේ නියමිත වසර 5ක් ගතවීමෙන් පසුව තවත් වසර දෙකක් දීර්ඝ කිරීම සඳහා ජනාධිපතිවරයාට තිබූ බලතල කතරගම මහා දේවාලයට අදාළ නොවන පරිද්දෙන් බලරහිත කර තිබූ ඊට අදාළ වගන්තිය ද යළි බලාත්මක වනවා.

රුහුණු - කතරගම මහා දේවාලයේ වත්මන් බස්නායක නිලමේවරයා වන්නේ ඌව පළාත් හිටපු මහඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂයි. මේ වන විට වසර 9කට ආසන්න කාලයක් ඔහු  එම ධුරයේ කටයුතු කරනවා. ඒ, වසර 5ක නිළ කාලය ද අවසන් වීමෙන් පසුවයි. කෙසේ වෙතත්, ශෂීන්ද්‍ර රාජපක්ෂ බස්නායක නිලමේ ධුරයෙන් අනිද්දා සිට ඉවත් වන බව රුහුණු කතරගම දේවාලයේ ප්‍රකාශකයෙකු සදහන් කළා. අනතුරුව තාවකාලික බස්නායක නිලමේවරයෙකු පත් කරන අතර දින 45කට පසු නව බස්නායක නිලමේවරයා පත් කෙරෙන බවයි ඔහු කියා සිටියේ.


ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම් දීමක්
Wednesday, 05 August 2020 - 10:14

ලෙබනනයේ බේරූට් හී පිපිරුම හේතුවෙන් එරට ශ්‍රී ලංකා තානාපති... Read More

රට පුරා ඡන්ද විමසීම සාමකාමිව - නුවරඑළිය දිස්ත්‍රික්කයේ තරමක් අයහපත් කාලගුණ තත්ත්වයක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 10:04

රට පුරා ඡන්ද විමසීම සාමකාමිව සිදුවන බව, හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන්... Read More

ඡන්ද පොළට යාමට අවස්ථාවක් නොමැති පිරිස (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 9:34

නිවෙස් තුළ ස්වයං නිරෝධායනය වන පිරිස අතරින් පළමු දින 14  තුළ... Read More