පාසල් පොත් බෑගයේ තිබූ හක්ක පටස් පුපුරා දැරියකට තුවාල

Saturday, 14 March 2015 - 8:22

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%91%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B7%84%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%B4%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
මාවනැල්ල - නැගෙනහිර අලූත්නුවර ප්‍රදේශයේ පාසල් දැරියක් තම පොත් බෑගයේ තිබී හක්කපටස් වර්ගයේ පුපුරණ ද්‍රව්‍යයක් පිපිරී තුවාල ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. උදෑසන පාසල් යාම සඳහා ඇය ඊයේ (13) වතුර බෝතලය බෑගයට දැමූ අවස්ථාවේදී යම් ගුලියක් වැනි දෙයක් හමුවී ඇති අතර දැරිය එය විසි කිරීමට උත්සාහ කර තිබෙනවා. එහෙත් ඊට පෙර එය පුපුරා ගොස් ඇති අතර පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ එය හක්ක පටස් වර්ගයේ පුපුරණ ද්‍රව්‍යයක් බවයි. මේ වන විට දැරිය මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

මේ අතර, පොළොන්නරුව, කඳුරුවෙල ප්‍රධාන මාර්ගයේ කාලිංග ඇළ - 6 කණුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ඇළකට පෙරළීමෙන් එහි ගමන් ගත් මාස 3ක් පමණ වයසැති කුඩා දැරියක ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඊයේ (13) රාත්‍රියේ මෙම දරුවා තම මව සමඟ ඥාති නිවසකට යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි. අනතුරෙන් මව සහ ත්‍රිරෝද රථයේ ගමන් ගත් තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More