Update: දෙමටගොඩ ඇළකින් හමුවූ පා යුගල සමඟ යතුරු කැරැල්ලක්

Saturday, 14 March 2015 - 10:30

Update%3A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B6%A7%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%87%E0%B7%85%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%BD+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
දෙමටගොඩ - සිරිධම්ම මාවත අසල කුණු ඇළක තිබී සොයා ගත් පාද යුගලය තිබූ ස්ථානයේ තිබී යතුරු කැරැල්ලක් සොයා ගත් බව පොලිසිය පවසනවා. එම යතුරු කැරැල්ලේ යතුරුපැදි සඳහා භාවිතා කරන යතුරක් ද පවතින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. අද (14) උදෑසන කපා දැමූ පාද යුගලක් මෙම කුණු ඇලේ තිබී සොයා ගත්තේ දෙමටගොඩ පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි. මෙය පිරිමි පුද්ගලයෙකුගේ පාද යුගලයක් බවටයි සිදුකරන ලද පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ. මේ වනවිට අදාළ පාද යුගලය පශ්චාත් පරීක්ෂණයක් සඳහා කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමුකර තිබෙනවා.  

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කිසියම් පුද්ගලයෙකු හෝ කිහිපදෙනෙකු විසින් ඊයේ (13) රාත්‍රියේ මෙම පාද යුගලය අදාළ කුණු ඇළට දමා ගොස් ඇති බවට සැක කරන බවයි. එය දණහිසට අගල් 6 ක් පමණ ඉහළින් කපා දමා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් අද උදෑසන පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කළ අතර, ඒ සඳහා පොලිස් නිල සුනඛයන් ද යොදා ගැණුනා. කෙසේ වෙතත් මෙම පාද යුගලය පිළිබඳව නිවැරදි තොරතුරු මෙතෙක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.



Update: Saturday, 14 March 2015 - 07:05 PM
..............................................................
කපා දැමූ මිනිස් පාද යුගලක් දෙමටගොඩ කුණු ඇළක

දෙමටගොඩ - සිරිධම්ම මාවත අසල පිහිටි කුණු ඇළක තිබී කපා දැමූ මිනිස් පාද යුගලක් අද (14) පෙරවරුවේ සොයා ගෙන තිබෙනවා. දෙමටගොඩ පොලිසියට ලද තොරතුරක් මත මෙම පාද යුගල සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ. මෙම පා යුගල ඊයේ රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු විසින් මෙලෙස කුණු ඇළට දමා ගොස් ඇතිබවට සැක කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර වැඩිදුරටත් සඳහන් කළා.



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More