අභ්‍යන්තර පරීක්ෂණයේ ආරම්භක දවස මෙන්න - මංගල

Saturday, 14 March 2015 - 13:17

%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%9A+%E0%B6%AF%E0%B7%80%E0%B7%83+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD
මෙරට පැවති යුද්ධයේදී සිදුවූ බව කියන අපරාධ සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් ආරම්භ කරන්නේ ජගත් මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්තාව නිකුත් වීමෙන් පසුව බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසනවා. දේශීය පරීක්ෂණය මසක් තුළ ආරම්භ කරන බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් ඉන්දියාවේ හින්දු පුවත් පත විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදීයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ. ජගත් මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාව පසුගිය ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. එහෙත්, එය සැප්තැම්බර් සැසිය දක්වා කල් දැමීමටයි නව ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල්හුසේන් කුමරු නිර්දේශ කළේ. ජගත් මානව හිමිකම් කොමිසමේ වාර්තාව නිකුත් වීමෙන් පසු එමගින් චෝදනා එල්ල වන පුද්ගලයන් පිළිබඳ සොයා බැලීමට සූදානම් බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළා.

1987 වසරේ ඇති කර ගත් ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් වන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම සහ කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා. ඒ පිළිබඳ අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ 13 වන සංශෝධනය ක්‍රියාවට නැංවීමේ පියවර නව රජය දැනටමත් ආරම්භ කර ඇති බවයි.