ජනපති පුටින් අතුරුදන්

Saturday, 14 March 2015 - 13:28

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පිළිබඳ කිසිදු තොරතුරක් පසුගිය සතිය මුළුල්ලේ අසන්නට නොලැබීම පිළිබඳව විදෙස් මාධ්‍ය වල අවධානය යොමුව තිබෙනවා. කසක්ස්ථානයේ සංචාරයක නිරතවීමට සිටි රුසියානු නායකයා එම සංචාරය අවලංගු කළ අතර, දකුණු ඔසෙෂියා ප්‍රාන්ත නියෝජිතයන් සමග මොස්කව් නුවර පැවැත්වීමට නියමිතව තිබූ හමුව ද අවලංගු කළා. රුසියානු අභ්‍යන්තර රහස් ඔත්තු සේවාවේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සමග ජනාධිපති පුටින්ගේ වාර්ෂික සාකච්ඡාව යෙදී තිබුණේ ද පසුගිය සතියටයි. එය ද සිදුනොවීම රුසියානු නායකයා පිළිබඳ විවිධ කටකතා පැතිර යාමට හේතු වී තිබෙනවා.

ජනාධිපති පුටින් බරපතල රෝගාබාධයකට ලක්ව ඇති බව ලෙස පැතිරුණු එක් කටකතාවක්. තමාගේ රහසිගත සහකාරියට දරුවෙකු ලැබීමට නියමිත නිසා ජනාධිපති පුටින් ඇය සමග ස්විට්සර්ලන්තය වෙත ගිය බව තවත් අදහසක්. ජනාධිපති පුටින් ක්‍රෙම්ලින් මන්දිරය තුළ කුමන්ත්‍රණයකින් සිරකර ඇති බව ඇතමුන් ප්‍රකාශ කළ අතර, 62 හැවිරිදි ජනාධිපතිවරයා මියගොස් ඇති බවට ද රාවයක් පැතිර ගියා.

යුක්රේනයේ යුද්ධය හේතුවෙන් රුසියාව හුදකලාවීම පිළිබඳව චෝදනා එල්ල වන්නේ ජනාධිපති පුටින්ටයි. එමෙන්ම, තෙල් මිල සීඝ්‍රයෙන් පහත වැටීම නිසා රුසියාව දැන් ආර්ථික අර්බුදයකට ද මුහුණ දෙනවා. බටහිර සම්බාධක හේතුවෙන් එම තත්ත්වය තවදුරටත් උග්‍රවී ඇති බව සඳහන්. විපක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වන බෝරිස් නෙම්ට්සොව් මොස්කව් නුවරදී ඝාතනයට ලක්වීම ජනාධිපති පුටින් මුහුණදුන් තවත් අර්බුදයක්. එම ඝාතනය සම්බන්ධයෙන් විපක්ෂ නායකයාගේ දියණිය ජනාධිපති පුටින්ට චෝදනා එල්ල කළා.