රෝගීන්ට පහරදෙන වෛද්‍යවරයා

Saturday, 14 March 2015 - 14:27

%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F
ඉන්දියාවේ ලක්නව් හි පෞද්ගලික රෝහලක සේවය කළ ලක්නව්හි කිං ජෝර්ජ් වෛද්‍ය විද්‍යාලයේ නේවාසික කනිෂ්ඨ වෛද්‍යවරයෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා. ඊට හේතු වී තිබෙන්නේ ඔහු අදාළ රෝහලේ වාට්ටුවක් තුළදී  සිහිසුන්ව සිටි රෝගියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්දෙනුයි. මේ සම්බන්ධයෙන් වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවි වල මේ වන විට පැතිරෙමින් තිබෙනවා.

අදාළ වීඩියෝව උපයෝගී කර ගනිමින් අදාළ වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීම් කටයුතු සිදුකළ අතර ඔහු එහිදී පවසා ඇත්තේ එම රෝගියාට යළි සිහිය ලබාදීම සදහා එවැනි උත්සාවයක් ගත් බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම  ක්‍රියාත්මක වන පරිදි අදාළ වෛද්‍යවරයාගේ වැඩ තහනම් කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස එම විද්‍යාලයේ උප කුලපතිවරයා නියෝග කර තිබෙනවා.