පොලිසියේ ලොක්කෝ ආයෙත් මාරු වෙයි

Sunday, 15 March 2015 - 8:02

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D+%E0%B6%86%E0%B6%BA%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තවත් පොලිස් ස්ථානාධිපතිවරුන් 8 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. සේවා අවශ්‍යතාව මත පොලිස්පතිවරයා විසින් මෙම ස්ථානමාරුවීම් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඒ අනුව නාරාහේන්පිට ස්ථානාධිපතිවරයා නුවරඑළිය කොට්ඨාශයටත්, වැල්ලවත්ත ස්ථානාධිපතිවරයා නාරාහේන්පිට පොලීසියටත්, වැල්ලම්පිටිය ස්ථානාධිපතිවරයා කොළඹ දිසාවටත් ත්‍රිකුණාමලය පොලිස් ස්ථානාධිපතිවරයා වැල්ලම්පිටියටත්, රාගම පොලිස් ස්ථානාධිපතිවරයා කෑගල්ල කොට්ඨාශයටත් මාරුකර යවා තිබෙනවා.

මීට අමතරව පොතුහැර ස්ථානාධිපතිවරයා සූරියවැව ස්ථානාධිපතිවරයා ලෙසත් කැළණිය ස්ථානාධිපතිවරයා පොතුහැර ස්ථානාධිපතිවරයා ලෙසත් කෑගල්ල ස්ථානාධිපතිවරයා පූගොඩ ස්ථානාධිපතිවරයා ලෙසත් මාරුකර යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව ගතවූ සතියක කාලසීමාව තුළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන් 65 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදි තිබෙනවා.