මෝදි ගෙදර යයි

Sunday, 15 March 2015 - 8:10

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වසර 28 කට පසු ද්විපාර්ශවික රාජ්‍ය චාරිකාවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය දෙදින චාරිකාව නිමවා ඊයේ දිවයිනෙන් නික්මුණා. ඊයේ රාත්‍රි 9 යි 40 ට විශේෂ ගුවන් යානයකින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිටත්ව ගිය බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ දිනයේදී යාපනයේ සංචාරයක නිරතවූයේ එහි සංචාරය කළ ප්‍රථම ඉන්දීය නායකයා ලෙසයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතිින්නේ ස්ථාවර බැඳීමක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහිදී  ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ සහෝදරත්වය සහ අධිෂ්ඨානය තුළින් රට දියුණු කිරීමට සියලූදෙනා කැපවිය යුතු බවයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයට මුල් ගල් තැබීමෙන් අනතුරුව යාපනය පුස්තකාලයේ ඊයේ පැවති හමුවක් අමතමින්. ඔහු ‘‘වනක්කම්’’ යනුවෙන් දෙමළ බසින් එහි ජනතාව ඇමතූයේ රැස්ව සිටි විශාල පිරිසකගේ අත්පොලසන් මැදයි.

ඉන්දීය සහයෙන් උතුරේ ඉදිවන නිවාස 50 000 ක වැඩපිළිවෙලට  අයත් නිවාස 27 000 ක් මේ වනවිට නිමවා තිබෙනවා. එම නිවාස සංකේතවත් ලෙස අවතැන්වූ ජනතාවට භාරදීමද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරෙනවා.

30 වසරක යුද්ධයෙන් පීඩාවට පත් උතුරේ ජනතාවට දැන් නැවතත් නැගී සිටීමට අවස්ථාව උදාවී ඇති බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ. යටිතල පහසුකම් මෙන්ම උතුරේ ජන ජීවිතය ගොඩනැංවීම අවශ්‍යතාවක් බව ඔහු මෙහිදී අවධාරණය කළා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තම සංචාරයේ දෙවන දිනය වන ඊයේ සිය වැඩ කටයුතු ආරම්භ කළේ අනුරාධපුර පූජා භූමියට පැමිණෙමින්. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ වැද පුදා ගැනීමට මහමළුවට පැමිණි අවස්ථාවේ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් ඇතුළු මහා සංඝරත්නය ඔහුට සෙත් පිරිත් සඡ්ජායනා කර ආශිර්වාද පළ කළා. ඉන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුවන්වැලි මහසෑ රඳුන් වැද පුදා ගත්තා.

ඉන් පසුව ඔහු තලෙයිමන්නාරම දුම්රියපොල වෙත ළගා වූ අතර ඉන්දීය රජයේ ආධාරයෙන් ප්‍රතිසංස්කරණය කළ එම දුම්රියපොල විවෘත කරනු ලැබුවා. ඒත් සමගම මඩු සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය ද ආරම්භ වීම විශේෂත්වයක්. තලෙයිමන්නාරම, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීපතම ස්ථානය ලෙස සැලකෙනවා. මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා දිවෙන මෙම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු වසර 25 කට ආසන්න කාලයක් ඇණ හිට තිබුණා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව දෙරට අතර ද්වීපාර්ශවික ගිවිසුම් 4 කට ද අත්සන් තැබුණා. රාජ්‍ය තාන්ත්‍රික සහ නිල ගමන් බලපත්‍ර හිමියන් දෙරටේ සංචාරයන් සඳහා වීසා බලපත් වලින් නිදහස් කිරීම, දෙරට අතර රේගු කටයුතු, තරුණ කටයුතු සංවර්ධනය සහ රුහුණු විශ්වවිද්‍යාලයේ රවීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශාලාවක් ස්ථාපිත කිරීම සඳහායි එම ගිවිසුම් අත්සන් තැබුණේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලූ දේශපාලන නායකයන් සමග සාකච්ඡාවල නිරතවුණා. එමෙන්ම ඊයේ දිනයේදී ඔහු කොළඹ ඉන්දීය මැදුරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද මුණගැසී තිබෙනවා. එය විනාඩි 15 ක පමණ සුහද හමුවක් වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More