ඇමති රාජිත අසමත් කෙනෙක්

Sunday, 15 March 2015 - 8:15

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%85%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
තමන් ආරම්භ කළ සත්‍යග්‍රහයට දින 12 ක් ගතවූවත්, තවමත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සිය ගැටලූවලට විසඳුම් ලබාදීමට මැදිහත් වී නොමැති බව රජයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සංගමය පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් එහි සභාපතිනි දේවිකා කොඩිතුවක්කු ප්‍රකාශ කළේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ වැටුප් නැවැත්වීමටද මේ වනවිට රෝහල් අධ්‍යක්ෂවරුන් ලිපි පවා නිකුත් කර ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයකට විරෝධය පළ කරමින් රජයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් එම අමාත්‍යාංශය ඉදිරිපිට පසුගියදා 03 වැනිදා සත්‍යග්‍රහයක් ආරම්භ කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛය මගින් හෙද නිලධාරීන් යටතේ සේවයට වාර්තා කිරීමට සිදුවීම නිසා තමන් අපහසුතාවට ලක්වන බවයි එම සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු සඳහන් කළේ. ඔවුන් අමාත්‍යාංශය ඉදිරිපිට අට්ටාලයක මෙම සත්‍යග්‍රහය ආරම්භ කළ අතර, පසුව අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව එය ඉවත් කෙරුණා.  කෙසේ වෙතත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් තවදුරටත් එම ස්ථානයේ රැදී සිටිමින් සත්‍යග්‍රහයේ නිරත වනවා.