පුංචි මලක් දිය රකුසා අරන් යයි

Sunday, 15 March 2015 - 9:32

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%B8%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B7%8F+%E0%B6%85%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පොල්පිතිගම - කනපද්දන් වැවේ දියනෑමට ගිය පුද්ගලයෙකු සහ කුඩා දැරියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ සවස මොවුන් සමග දියේ ගිළුණු තවත් අයෙකු ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර  පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.  සිද්ධියෙන් මියගිය හත් හැවිරිදි දැරිය සහ තිස් එක් වියැති පිරිමි පුද්ගලයා ගොකරැල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන්. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ තුවාල ලැබූ පුද්ගලයා ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. පොල්පිතිගම ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගිවීමට පැමිණ සිටියදියි මොවුන් මෙම අනතුරට මුහුණදී ඇත්තේ. මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.