සෞදියේ තානාපති කාර්යාලයකට ප්‍රශ්නයක්

Sunday, 15 March 2015 - 9:34

%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ත්‍රස්ත ප්‍රහාරයක අවදානමක් හේතුවෙන් සෞදි අරාබියේ රියාද් නුවර ඇමරිකානු තානාපති කාර්යාලයේ සති අන්ත කොන්සල් සේවාවන් අත්හිටුවා තිබෙනවා. එමෙන්ම ජෙඩා සහ දහරාන් නගරවල පිහිටි ඇමරිකානු තානාපති අංශවලද කටයුතු සීමා කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. තෙල් ආකරවල සේවය කරන බටහිර ජාතිකයන් ත්‍රස්ත කණ්ඩායම්වල ප්‍රහාරයකට ගොදුරුවීමේ අවදානමක් පවතින බව සෞදි අරාබියේ ඇමරිකානු තානාපති කාර්යාලය පසුගිය සිකුරාදා ප්‍රකාශ කළා. එමෙන්ම සෞදි අරාබියේ සංචාරය කරන සියලූම ඇමරිකානු පුරවැසියන් දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවටද තානාපති කාර්යාලය උපදෙස් ලබාදී තිබෙනවා.