Update: ගිලා බසින ස්ථානයෙන් පුද්ගලයින් වහා ඉවත් කරයි

Monday, 16 March 2015 - 7:58

Update%3A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B6%E0%B7%83%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B7%8F+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
බණ්ඩාරවෙල - අඹදණ්ඬේගම - ගලහිටියාව ප්‍රදේශයේ ගිලා බැසීමට ලක්වූ ප්‍රදේශයට ජනතාවට ඇතුලූවීම තහනම් කර ඇති බව බණ්ඩාරවෙල පොලීසිය පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගිලාබැසීම සිදුවූ ස්ථානයේ සිට මීටර 500 ක් පමණ දුරට මෙම තහනම ක්‍රියාත්මක බවයි. ජාතික ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත් ලාල් කුමාර කියා සිටියේ මේ වනවිට එම ප්‍රදේශයෙන් පවුල් 26 කට අයත් පුද්ගලයන් 90දෙනෙකු ඉවත්කර ඇති බවයි.

අඹදණ්ඬේගම පෞද්ගලික ඉඩමක අඩි 30 ක පමණ විෂ්කම්භයක් සහිත කොටසක් අඩි 40 ක් පමණ ගැඹුරට කවාකාරව ගිලා බැසීම ආරම්භ වූයේ ඊයේ (15* දහවල්.  හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් සදහන් කළේ පොළොව අභ්‍යන්තරයෙන් විටින් විට ශබ්ද ඇසෙන අවස්ථාවලදී පස් කණ්ඩි කඩා වැටුණු බවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් හරහා මෙම ස්ථානයේ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි ජාතික ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ. එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත් ලාල් කුමාර තවදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙම ස්ථානය නැරඹීමට යාමෙන් වළකින ලෙසයි.



Update : Monday, 16 March 2015 - 7:58

..........................................................................................................................................................

බණ්ඩාරවෙල - අඹදණ්ඩේගම ගිලා බසී

බණ්ඩාරවෙල - අඹදණ්ඩේගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක අඩි 25ත්, 30ත් අතර ප්‍රමාණයක ගිලා බැසීමක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඊයේ පස්වරුවේ සිට මෙම ගිලා බැසීම වරින් වර සිදුව ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ හේතුවෙන් එම ඉඩම අවට පදිංචිව සිටි නිවාස 4කට අයත් පුද්ගලයින් 13 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් සදහන් කළේ පොළොව අභ්‍යන්තරයෙන් විටින් විට ශබ්ද ඇසෙන අවස්ථාවලදී පස් කණ්ඩි කඩා වැටුණු බවයි.  

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත්ලාල් කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද දිනයේදී ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ නිළධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට යොදවන බවයි.















ඡායාරූප - බදුල්ල පාලිත ආරියවංශ

මීට පෙර පල කළ පුවත මෙතනින් බලන්න :

බණ්ඩාරවෙල - අඹදණ්ඬේගම ගිලා බැසීමක්