කැබිනට් අනුමැතිය හිමිවූ 19 වන සංශෝධනය ගැසට් කෙරේ

Monday, 16 March 2015 - 8:31

%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%96+19+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශකවරයා කියා සිටියා. එය ඊයේ මධ්‍යම රාත්‍රියේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරිමට නියමිත තිබූ බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ. ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව සාකච්ඡා කිරීම සදහා ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හදිසි කැබිනට් රැස්වීමක් කැදවා තිබුණා. 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පිටු 62කින් යුත් කෙටුම්පත පසුගිය බදාදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරනු ලැබුවා. අදාළ කෙටුම්පත කියවා අධ්‍යයන කිරීමට කාලය අවශ්‍ය බවට ඇතැම් අමාත්‍යවරුන් ප්‍රකාශ කිරීම හේතුවෙන් ඒ පිළිබද අවසන් එකඟතාවයකට පැමිණීමට හැකි වූයේ නැහැ.

ඊයේ දිනයේ මෙම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කිරීමට පෙර දේශපාලන පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කෙරුණා. ඒ, ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති පක්ෂ නායක හමුවකදියි.

පක්ෂ නායක රැස්වීමේදී මෙම පනත් කෙටුම්පත පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර එහිදී මුලික කරුණු 8කට එකඟතාවය හිමි වූ බවයි කැබිනට් ප්‍රකාශකවරයා සදහන් කළේ. 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලය ඉවත් කිරීම, අධිකරණය ඉදිරියේ ජනාධිපතිවරයාට මුක්තිය පිළිබද බලය ඉවත් කිරීම, අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේදී නිර්නායකයන්ට යටත්ව සිදුකිරීම හා ජනාධිපති ධුර කාලය වසර 6යේ සිට 5 දක්වා අඩු කිරීමට ද යෝජනා වී තිබෙනවා. ඊට අමතරව ජනාධිපති ධුර කාල දෙකකට සීමා කිරීම ද නව පනත් කෙටුම්පත මගින් යෝජිතයි.

මීට අමතරව මනාප ඡන්ද ක්‍රමය අහෝසි කොට සෑම ආසනයකටම මන්ත්‍රීවරයෙකු නියෝජනය කළ හැකි පරිදි මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී පිළිගෙන තිබෙනවා. නව පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇති තවත් සංශෝධනයක් වනුයේ  කැබිනට් මණ්ඩලය 30කට සීමා කිරීමයි. මීට අමතරව කැබිනට් නොවන සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 40කට සීමා කිරීමට ද යෝජනා වී තිබෙනවා.

වරදකරුවන්ට සමාව දීමේදී ජනාධිපතිවරයා යම් නිර්ණායකයන්ට අනුව එය සිදුකිරීමටත් නියමිතයි. දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව රාජ්‍ය නායකයා සහ සේනාධිනායකයා මෙන්ම ආණ්ඩුවේ නායකයා ලෙස ද ජනාධිපතිවරයාට බලතල හිමි වන පරිදි අදාළ පනත් කෙටුම්පතට සංශෝධන එක් කර ඇති බවයි කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ. ඒ අනුව ජනාධිපතිවරයාට හිමි අනිසි විධායක බලතල මෙමගින් ඉවත් කෙරෙන බව ද ඔහු කියා සිටියා. මෙම පනත් කෙටුම්පත හදිසි පනතක් ලෙස නොව සාමාන්‍ය පනතක් ලෙස ගෙන ඒමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More