බලූ කපුටු දානය මළ ගෙයක් වෙයි

Monday, 16 March 2015 - 12:48

%E0%B6%B6%E0%B6%BD%E0%B7%96+%E0%B6%9A%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%85+%E0%B6%9C%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කළුතර - තෙඹුවන - නෑබඩ ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. වෙඩි තැබීම සිදුකළ බවට සැක කෙරෙන පුද්ගලයාගේ පුතාගේ නිවසේ ඊයේ (15) රාත්‍රියේ පැවති බලූ - කපුටු දානයක් අවස්ථාවේදී ඊට යාබද නිවසේ පුද්ගලයෙකු සමග ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙනුයි මෙම ඝාතනය සිදුවී ඇත්තේ. ඝාතනයට ලක්වූ සහ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් ඥාතීන් බවයි පොලීසිය පවසන්නේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 41 ක දෙදරු පියෙක්.  වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ප්‍රදේශය අතහැර මේ වනවිට පළාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.