අලි පොත රැගෙන ගියේ කවුද ? - අධිකරණයේදී හෙළිවේ

Monday, 16 March 2015 - 19:24

%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF+%3F+-+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් වනජීවි දෙපාර්තමේන්තුව භාරයේ පවතින හිලෑ අලි ඇතුන් පිළිබඳ විස්තර ඇතුළත් අලි පොත රැගෙන ගොස් ඊට ව්‍යාජ ලේඛන ඇතුළත් කර නැවත එම පොත වනජීවි දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව අද (16) අධිකරණයේදී අනාවරණ වුණා.

ඒ, ව්‍යාජ බලපත්‍ර ළඟ තබාගෙන වන අලි ළඟ තබා ගැනීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් සම්බන්ධයෙන් වන නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදියි. රහස් පොලීසිය එහිදී අධිකරණයට තවදුරටත් සදහන් කර සිටියේ අලි පොත සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ තවමත් අවසන් කර නොමැති බවයි.

මීට අමතරව සැකකරු වන අලි 40කට ආසන්න සංඛ්‍යාවක් නීතිවිරෝධී ලෙස විකුණා ඇති බවත්, ව්‍යාජ ලේඛන සකස් කර වන අලි 4 දෙනෙකු සැකකරු භාරයේ තබාගෙන ඇති බව ද රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා. නඩුවට අදාළ සාක්ෂිවලට බලපෑම් එල්ල විය හැකි බැවින් සැකකරුට ඇප ලබා නොදෙන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ. කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය සැකකාර නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තා මේ මස 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර  ගත කරන ලෙස නියෝග කළා.


මෙරට ඉතිහාසයේ පළමු වරට වාර්තා වූ කැරට් 24 රන් පවුමක මිල
Thursday, 09 July 2020 - 17:03

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය... Read More

පැල්මඩුල්ල දෙනවක ගගේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින් දෙදෙනාගේ මරණවලට හේතුව හෙළිවේ
Thursday, 09 July 2020 - 16:48

පැල්මඩුල්ල දෙනවක ගගේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2151 දක්වා ඉහළට
Thursday, 09 July 2020 - 16:29

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 2151 දක්වා... Read More