පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 250 දක්වා ඉහළ දැමීමට යෝජනාවක්

Monday, 16 March 2015 - 19:28

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+250+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
සුළු ජාතික පක්ෂවලට හානියක් නොවන අයුරින් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට නම්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 250 දක්වා ඉහළ දැමිය යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේ යැයි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් සඳහන් කළා. මැතිවරණ කොමසාරිස්වරයා මෙම යෝජනාව සිදුකර ඇත්තේ මැතිවරණ ක්‍රමයේ සිදුකළ යුතු සංශෝධන සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ අද (16) පැවැති සාකච්ඡාවකදියි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවට විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා එක්ව සිටියා. ඊට අමතරව දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ  ඇතුළු දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටි බවයි  ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක පළාත් සභා මන්ත්‍රී මනෝ ගනේෂන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මෙහිදී මැතිවරණ ක්‍රමය සංශෝධනය සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් යෝජනා සතියක් තුළ තමන් වෙත ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී තිබෙනවා.