පලස්තීන රාජ්‍යයක් බිහි කිරීමට ඉඩ දෙන්නේ නෑ

Tuesday, 17 March 2015 - 7:35

%E0%B6%B4%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%B1+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%91
තමා නැවතත් බලයට පත්වුවහොත් පලස්තීන රාජ්‍යයක් බිහිවීමට ඉඩ නොදෙන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. ඇමරිකාවේ මැදිහත්වීමෙන් ඉදිරිපත් කර ඇති මැදපෙරදිග සාම සැලැස්මේ මූලිකාංගය වන්නේ ඊශ්‍රායලය සමඟ සහ - සම්බන්ධයෙන් යුත් පලස්තීන රාජ්‍යයක් බිහි කිරීමයි. එහෙත් එමගින් ඊශ්‍රායල වැසියන් අවදානමට ලක් වන බවයි ඊශ්‍රායල අගමැතිවරයා කියා සිටියේ. ඊශ්‍රායලයේ මහ මැතිවරණය අද (17) පැවැත්වෙනවා. එහිදී නෙතන්යාහුගේ ලිකුද් පක්ෂය අභිබවා මධ්‍ය - වාමාංශික යුදෙව් සංගමය ඉදිරියෙන් සිටින බවයි ජනමත සමීක්ෂණවලින් හෙළි වී ඇත්තේ. කෙසේ නමුත්, මෙම පක්ෂ දෙකටම මීළඟ ආණ්ඩුව පිහිටුවීම සඳහා සුළු පක්ෂවල සහාය ලබා ගැනීමට සිදුවනවා. විපක්ෂ යුදෙව් සංගමයේ නායක යිට්ෂාක් හර්සොග් අගමැති නෙතන්යාහුට චෝදනා කළේ ජාතික ආරක්ෂාව ගැන සදහන් කරමින්, ඔහු දේශපාලන වාසියක් ලබා ගැනීමට උත්සාහ කරන බවටයි.