Update : කොළඹ වරායේ කන්ටේනර් රියදුරු වර්ජනය දිග්ගැස්සෙන ලකුණු

Tuesday, 17 March 2015 - 10:26

Update+%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
කොළඹ වරායේ බහාලූම් ප්‍රවාහන කටයුතු සඳහා පිටතින් වාහන ඇතුළු කිරීමට විරෝධය පළ කරමින් එක්සත් ලංකා බහාලූම් හිමිකරුවන්ගේ සංගමය ආරම්භ කළ විරෝධතාව අද (17) දෙවන දිනටත් ක්‍රියාත්මකයි. එම සංගමයේ සභාපති උදේනි කළුතන්ත්‍රී හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ වනවිට වාප්පු ලිපිකරුවන්ගේ සංගම් 03ක සහ වරාය අධිකාරියේ සේවකයන්ගේ සහය ද සිය විරෝධතාවට ලැබී ඇති බවයි. කන්ටේනර් රථ රියදුරන් සහ සහයකින් ඉඟුරුකඬේ මංසන්ධිය ආසන්නයේ සිය කන්ටේනර් රථ නවතා බහාලූම් ප්‍රවාහන කටයුතු වලින් ඉවත්ව සිය විරෝධතාවය ආරම්භ කළේ ඊයේ උදෑසන සිටයි.

මෙම විරෝධතාවය සම්බන්ධයෙන් අප වරාය අධිකාරියේ උප සභාපති අසිත විජේසිංහගෙන් විමසීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ වූයේ ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

Update : Tuesday, 17 March 2015 - 12:39
------------------------------------------
වරායේ ප්‍රවාහන අයගේ විරෝධන තවදුරටත්


කොළඹ වරායේ ප්‍රවාහන කටයුතුවල නියැලෙන කන්ටේනර් රථ රියදුරන් සහ සහායකයින් ප්‍රවාහන කටයුතුවලින් ඉවත්ව ඊයේ දිනයේදී ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය තවදුරටත් ක්‍රියාත්මකයි. වරායේ ප්‍රවාහන කටයුතු සඳහා පිටතින් නව කන්ටේනර් රථ යෙදවීමට බලධාරීන් ගත් තීරණයකට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම විරෝධතාවය ආරම්භ කළේ. ඊයේ දිනයේදී ඉඟුරුකඬේ මංසන්ධිය ආසන්නයේදී සිය කන්ටේනර් රථ නවතා මෙම විරෝධතාව ආරම්භ කළ අතර එම කන්ටේනර් රථ මේ වන විට එම මංසන්ධියේ නවතා ඇති බව සදහන්.