දිවිනැගුම ගැන හිටපු ලේකම්ගෙන් ප්‍රශ්න කරයි

Tuesday, 17 March 2015 - 11:15

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%94%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එය අයත්ව තිබූ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලකගෙන්  මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මේ වන විට ප්‍රශ්න කරමින් සිටිනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත්ගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඊයේ ප්‍රශ්න කළා. ඒ, ඔහු පසුගිය රජය සමයේ මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස සහ පීපල්ස් ලීසිං සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ සිදුකළ බව කියන වාහන කල්බදු පහසුකමකට අදාළ මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන්.